Life
ජිම් යනවට වැඩිය දුවන එක හොඳයි
ශරීරයේ බර අඩු කරගන්න කියලා අපි පැය ගණන් ව්‍යායාම කළාට, ශරීරයේ බර අඩු කරගන්න අපි කරන ව්‍යායාම හිතන තරම් යහපත් ප්‍රතිඵල අත් කරල දෙන්නේ නැහැ. මෙහෙම කියන්නේ ඛ්ඥදබපචත ශ්‍රී භඥඥදඵතචදඤ සරසවියේ ඛ්ධපදඥඥත ඍචදඤඥතචදධබබඥ නම් වෛද්‍යවරයා.
එයා සෞඛ්‍ය හා ශාරීරික ක්‍රියා පිළිබඳ පර්යේෂකයෙක්. ඔහු කියන්නේ අපේ ව්‍යායාම් කරන විදියට ඇඟේ බර අඩුවෙන්නේ හරිම සුළු ප්රමාණයයිලු. අඩුතරමේ ඇඟේ බර අඩු කරගන්න සතියකට පැය පහක්වත් ව්‍යායාම කරන්න ඕනේලු. ඇඟේ බර අඩුවීමට අප ගන්න ආහාර පාන වගේම අපේ පරිවෘත්තිය ක්‍රියාත් බලපානවා. ව්‍යායාම තුළින් පමණක්ම ශරීරයේ බර අඩුකර ගන්න හිතනවා නම් ඒක හිතන තරම් ලේසි ක්‍රියාවක් නම් නෙවේ කියලයි වෛද්‍ය ඛ්ධපදඥඥත කියන්නේ.
ඒ කොහොම වුණත් සමස්තයක් විදියට වැඩ කරන එක නම් ශරීර සෞඛ්‍යයට හිතකරයි. අධික තරබාරු ඇඟක් තියන කෙනෙක් වැඩ ටිකක් වැඩියෙන් කළොත් අඩුතරමේ හෘදරෝග අවදානම සහ දියවැඩියාවට ගොදුරු වීමේ අවදානමවත් අඩු වෙනවා කියලයි වෛද්‍ය කේරානීල් පවසන්නේ. ඇමරිකානු ක්‍රීඩා වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරු නිර්දේශ කරන්නේ ඇඟේ බර අඩු කරගන්න නම් සතියකට මිනිත්තු 250 - 300 අතර කාලයක් ඇඟ වෙහෙස කරවන ව්‍යායාමයක යෙදෙන්න කියලා. අපේ ඇඟ කොයිතරම් සිහින් වෙනවද කියලා තීරණය වෙන්නේ අපි කන කෑමවලින් සහ අපේ ඇඟෙන් අපි දහනය කරන ශක්ති ප්‍රමාණය මතයි.
වැඩක් පළක් නොකර, දාඩිය බින්දුවක්වත් ඇඟෙන් පිටවෙන්නේ නැති පුද්ගලයෝ බැලූ බැල්මට නිරෝගියි. හැබැයි ඉතින් එහෙම වෙන්නේ නම් නැහැ. වැඩක් පළක් නොකර පැත්තකට කරන් තියන් ඉන්න ඇඟ ලෙඩ ගොඩක් හංගගෙන ඉන්නවා. වැඩේ කියන්නේ ලෙඩක් හැදෙනකම්ම සමහරුන්ට ඒ ගැන දැනෙන්නේ නැති එක. ඇඟ මහන්සි නොකරන අයට හෘද රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය, ඔස්ටියෝපොරෝසීස්, සමහර පිළිකා, විශාදය වගේම කාංසාවට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. අධික තරබාරුව කියන්නේ නිහඬ මාරයෙක් කියලයි වෛද්‍ය කේරා්නීල් කියන්නේ. "මහන්සියක් නැත්නම් බර අඩු කර ගන්නත් බැහැ කියලා මතක තියා ගන්න. විවිධ ක්‍රියාකාරකම්වලින් බර අඩුකරගන්න නම් නොසෑහෙන්න මහන්සි වෙන්න වෙයි.
වේගයෙන් ඇවිදිනවා නම්, එහෙමත් නැත්නම් බයිසිකල් පදිනවා නම් ඔබේ හුස්ම ඔබේ පාලනයෙන් තොරව අසීමාන්තිකව හුස්ම ගැනීමේ වේගය වැඩි වෙන තරමට එය කරන්න ඕනේ. වැස්ස දවසකදී වුණත් ඔබේ ශරීරයෙන් දහදිය පිටවෙන තරම්ම ඔබ ඇවිදින්න ඕනේ. එහෙම නැතිනම් බයිසිකල් පදින්න ඕනේ. බර අඩු කරගන්න කියලා උදේ හවස ජිම් එකට යනවට වඩා දුවන එක හොඳයි කියලා නවතම පරීක්ෂණයකින් හොයාගෙන තිබෙනවා. බර අඩුකර ගන්න හිතාගෙන හරිම අමාරුවෙන් කරන මහා බර ව්‍යායාම තෝර ගන්න එපා. බර අඩුකර ගන්න එක කෙසේ වෙතත් දවසක් දෙකක් යද්දි ව්‍යායාමත් එපා වෙයි. විනෝදයෙන් ඇඟ මහන්සි කරවන ව්‍යායාමයක් තෝරාගන්න.
Wmqgd .ekSu u